ඊයේ (17) පස්වරුවේ මීගමුව සිට කොළඹ බලා ධාවනය වූ මගී ප්රවාහන දුම්රියක යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කඳාන, පේරලන්ද දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය පැමිණෙන බවට සංඥා පහන් දැල්වෙමින් තිබියදී අදාළ යතුරුපැදිය දුම්රිය මාර්ගය හරහා ගමන් කර ඇති බව වාර්තා වෙයි.
සිදු වූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.
කඳාන පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයින් කැළණිය ගල්බොරැල්ල සහ ගෝනවෙල පට්ටිවෙල ප්රදේශයේ පදිංචිව සිටි අය බවයි.