චීන තායිවාන ප්‍රදේශයේ පාලක Lai Ching-teගේ ප්‍රකාශය තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස ගැටුම්කාරී තත්ත්වය අවුළුවාලීමක් බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Lai Ching-te විසින් “Double Tenth” ප්‍රකාශය සිදු කරමින් චීන හමුදා තර්ජනය තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය වෙනස් කරන බව පැවසීය. ඒ පිළිබඳව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක Chen Xi ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රතිචාර දැක්වීම සිදු කර ඇත.
තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් බව Chen Xi අවධාරණය කළේය.
චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත අවට සිදු කරන නීත්‍යනුකූල අභ්‍යාස මගින් බෙදුම්වාදය සහ බාහිර මැදිහත්වීමේ කුමන්ත්‍රණ මැඩපැවැත්වෙන අතර, තායිවාන ස්වදේශිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සුරක්ෂිත කරනු ඇත. එය කිසිදු දෝෂදර්ශණයකට ලක් කළ නොහැකි බව ද Chen Xi අවධාරණය කර ඇත.




