අරගල නායකයන්ට නිදහස ලැබීම සමග දිල්ලියේ යළිත් විරෝධතා

Share

ඉන්දියාවේ Gen Z තරුණයන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන Cockroach Janta Party (CJP) සංවිධානය, රටේ ප්‍රධාන මැතිවරණ නිලධාරියාගේ ඉල්ලා අස්වීම ඉල්ලා ආරම්භ කළ විරෝධතා අඛණ්ඩව පවත්වාගෙන යන බවට ප්‍රතිඥා දී තිබේ.
ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නුවර අඛණ්ඩව දෙවැනි දිනටත් විරෝධතා පැවැත්වෙන අතර, ආරක්ෂක නිලධාරීන් දහස් ගණනක් යොදවා මාර්ගවලට බාධක දමා තිබේ.
මෙම ව්‍යාපාරය ආරම්භ කළ Abhijeet Dipke සහ එහි අනෙකුත් නායකයන් සෙනසුරාදා දිල්ලි නුවරට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් ඉරිදා නිදහස් කර තිබේ.
ඉන්දියාවේ ප්‍රධාන විනිසුරුවරයා රැකියා විරහිත තරුණයන් පිරිසක් ‘cockroaches’ (කැරපොත්තන්) ලෙස උපමා කිරීමෙන් අනතුරුව, Dipke මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබුණේ මැයි මාසයේදීය.
නිදහස ලැබීමෙන් පසු සිය පළමු ප්‍රකාශයේදී Dipke කියා සිටියේ, “CJP සංවිධානය පසුබසින්නේවත්, බිය ගැන්වීම්වලට යටත් වන්නේවත් නැහැ” යනුවෙනි.
මාධ්‍ය වාර්තාවලට අනුව, සෙනසුරාදා විරෝධතාකරුවන් 7,000ක් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර තිබේ. ඉරිදා දිනයේදී ද සිය ගණනක් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ නිල වශයෙන් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොවන CJP සංවිධානය, තීරණාත්මක ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීමට මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී මැතිවරණ ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙස ඉල්ලා සිටියි.
එමෙන්ම, ඡන්දදායක නාමලේඛනවලට අදාළව සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් Gyanesh Kumar ඉල්ලා අස්විය යුතු බව ද එම සංවිධානය ඉල්ලා තිබේ.

Read more

Local News