රියාද් ගුවන්තොටුපළට යළි ප්‍රහාරයක්

Share

සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර අද (12) එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරයෙන් ගින්නක් ද හටගෙන ඇති අතර, ආරක්ෂක පරීක්ෂණ අවසන් වනතුරු ගුවන්තොටුපළේ මෙහෙයුම් අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර, හූති කැරලිකරුවන් රියාද් සහ දම්මාම් ගුවන්තොටුපළ ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවට ද වාර්තා පළ වනවා.

Read more

Local News