චීන දුම්රිය සේවය මගීන් බිලියන 3.71ක් ප්‍රවාහනය කරමින් ඉතිහාසගත වාර්තාවක් තබයි

Share

මෙම වසරේ මුල් කාර්තු තුන තුළ, චීනයේ දුම්රිය සේවය මගීන් බිලියන 3.71ක ගමන් වාර සංඛ්‍යාවක් වාර්තා කර ඇති බව චීන ජාතික දුම්රිය සේවය පවසයි. එය පෙර වසරට සාපේක්ෂව 4.8%ක වැඩිවීමකි. ඉතිහාසයේ එම කාලසීමාව සඳහා නව ඉහළම අගයකට ළඟා වී ඇති බව අද (18) ප්‍රකාශ කෙරිණ.
මුල් කාර්තු තුන තුළ, චීනයේ දුම්රිය ජාලය දිනකට සාමාන්‍යයෙන් මගී දුම්රිය ගමන් වාර 11,511ක් සැලසුම් කර තිබූ අතර, එය පෙර වසරට සාපේක්ෂව 5.3%ක වැඩිවීමකි. එමෙන්ම, එම කාලය තුළ චීනයේ දුම්රිය ජාලය මගින් සංචාරක දුම්රිය 2,860ක් ක්‍රියාත්මක කර තිබේ. එය පෙර වසර හා සැසඳීමේ දී එහි වර්ධනය25.5%ක් වේ.
රට තුළට පැමිණෙන සංචාරකයන් සඳහා ක්‍රියාත්මක වන වීසා රහිත සංක්‍රමණ ප්‍රතිපත්තිය හේතුවෙන් විදේශීය මගීන්ගේ පැමිණීම ඉහළ යාමට දුම්රිය අංශය සක්‍රීයව අනුගත වී තිබේ. ඒ අනුව,විදේශීය මගීන්ට දුම්රියෙන් ගමන් කිරීමේදී පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත. මේ වසරේ ප්‍රවාහනය කර ඇති විදේශීය මගීන් සංඛ්‍යාව මිලියන 19.002ක් වන අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 33.4%ක වර්ධනයකි

Read more

Local News