ජාත්‍යන්තර වෙළෙඳ නීතිවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් NCD සම්මුතියට චීනය ඇතුළු රටවල් 26ක් අත්සන් තබයි

Share

හුවමාරු කළ හැකි භාණ්ඩ ලේඛන පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට (NCD සම්මුතිය) අත්සන් කිරීමේ උත්සවය ඝානාවේ අක්‍රා අගනුවරදී පැවැත්විණ.
එම සම්මුතියට අත්සන් තැබූ මූල්ම රටවල් 26ට චීනය ද අයත් වේ. ඉන්පසුව නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එම සම්මුතියට අත්සන් තැබීමට සෙසු රටවලට ද අවස්ථාව පවතී.
මෙම සම්මුතිය ඉදිරිපත් කිරීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළේ චීනයයි. දේශසීමා හරහා සිදු කෙරෙන සියලුම ප්‍රවාහන ක්‍රමවලදී “හුවමාරු කළ හැකි භාණ්ඩ ලේඛන” එම සම්මුතියෙන් හඳුන්වා දෙයි. එමෙන්ම නැව්ගත කිරීමේ ලේඛනවලින් පමණක් භාණ්ඩ හඳුනාගැනීමේ සියවස් ගණනාවක සිට පවතින ආයතනික බාධකය මෙමගින් ඉවත් කෙරේ. එම සම්මුතිය ජාත්‍යන්තර වාණිජ නීති රීති සඳහා සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

Read more

Local News