උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අද (19) චීනයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇතිි බව වාර්තා වෙයි.
මෙම සංචාරයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ඔහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිංගප්පූරුවේ පැවැති හමුවේ දී සාකච්ඡා කෙරුණු සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් දැනුවත් කිරීමට නියමිතය.
උතුරු කොරියානු නායකයා දින දෙකක් චීනයේ රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.