ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරක් – 68 දෙනෙකු මරුට

Share

ස්පාඤ්ඤයේ Toledo පළාතේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී පුද්ගලයින් 68 දෙනෙකු මිය ගොස් ඇත. මේ හේතුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට එරට අග්‍රාමාත්‍ය Pedro Sanchez පියවර ගෙන තිබේ.
මෙම අනතුරට හේතුව සොයා පූර්ණ පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇත.අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, අනතුරට අදාළ සියලු කරුණු හෙළිදරව් කරන බවය. මෙම අවස්ථාවේදී රජයේ ප්‍රමුඛතාව වන්නේ විපතට පත්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහන සැලසීම, සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් බේරාගැනීම සහ තුවාල ලැබූවන්ට සහාය ලබාදීම බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Madrid–Seville දුම්රිය මාර්ගයේ නවතා තිබූ අධිවේගී දුම්රියක, පිටුපසින් පැමිණි තවත් අධිවේගී දුම්රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

Read more

Local News