චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිය නිවේදනයක් නිකුත් කරයි.
එම නිවේදනයට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිය ඔක්තෝබර් මස 26වැනිදා සිට 29වැනිදා දක්වා බෙයිජිං අගනුවරදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය සැසියේ මුලසුන දැරූ අතර, මධ්යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතා එහිදී වැදගත් දේශනයක් සිදු කළේය.
“පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අදාළ ප්රධාන කරුණු රැසක් පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යම කාරක සභාවේ තීරණය” එහිදී සමාලෝචනය කර සම්මත කෙරිණ. ෂී ජින්පිං මහතා විසින් එම තීරණයේ කෙටුම්පත පිළිබඳව පූර්ණ සැසියට පැහැදිලි කිරීමක් ද සිදු කළේය.
සෑම අංශයකින්ම දැඩි විනයකින් යුතුව පක්ෂය පාලනය කිරීමේ වෑයම, නව යුගයේ ලද විශිෂ්ට ජයග්රහණ පූර්ණ සැසියේ ඉහළ ඇගයීමට ලක් විය. නව යුගයේ පක්ෂය පාලනය කිරීමේ සහ පක්ෂය ශක්තිමත් කිරීමේ අනගි ප්රායෝගිකත්වයේදී, ෂී ජින්පිං මහතා මූලික කරගත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යම කාරක සභාව, කුමන ආකාරයේ දිගුකාලීන පාලක මාක්ස්වාදී පක්ෂයක් ගොඩනඟන්නේද සහ එය සිදු කරන්නේ කෙසේද යන ප්රධාන සමකාලීන ගැටලු සම්බන්ධයෙන්, නව සංකල්ප, අදහස් සහ උපායමාර්ග මාලාවක් ඉදිරිපත් කර ඇති බවත්, එමගින් ෂී ජින්පිං මහතාගේ පක්ෂ සංවර්ධන චින්තනය නිර්මාණය වී තිබෙන බවත් එම සැසිය පෙන්වා දුන්නේය. මෙම චින්තනය, නව යුගයේ ෂී ජින්පිං මහතාගේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ චින්තනයේ වැදගත් අංගයක් වන අතර, නව යුගයේ පක්ෂය ගොඩනැගීමේ ශ්රේෂ්ඨ කාර්යභාරය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා මූලික මග පෙන්වීමක් සහ මාර්ග සිතියමක් සපයන බව ද එහි සඳහන් වී ඇත.
පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සමස්ත පක්ෂයේ දේශපාලන වගකීමකි. පක්ෂ පාලනයේදී මතු වූ දුර්වලතා සහ බරපතල ගැටලුවලදී අදාළ පුද්ගලයින්ගේ වගකීම පැහැදිලි ව සහ දැඩි ලෙස විමසිය යුතු බව ද සඳහන් වේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 21වැනි ජාතික කොංග්රසය 2027 වසරේ දෙවන භාගයේදී බෙයිජිංහිදී පැවැත්වීමට එම සැසිය තීරණය කර ඇත.




