යුරෝපා රටවල් හතක සුපිරි වෙළෙඳසල් ශීතකරණ පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක්

Share

යුරෝපා රටවල් හතක සුපිරි වෙළෙඳසල් රැසක ශීතකරණ සහ අධිශීතකරණ පද්ධතිවලට බලපෑම් එල්ල කරමින් සයිබර් ප්‍රහාරයක් සිදුව තිබේ.බෙල්ජියම සහ ලක්සම්බර්ග් හි සුපිරි වෙළෙඳසල් 40කට පමණ මෙම ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇති අතර ස්වීඩනය, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවල ද වෙළෙඳසල් කිහිපයකට බලපෑම් එල්ල වී තිබේ.
බලපෑමට ලක්වූ ශීතකරණ කිහිපයක් නිෂ්පාදනය කරන Sabcobel සමාගම ප්‍රකාශ කළේ එම ශීතකරණවල වාෂ්පීකාරක ක්‍රමය(Evaporators) හිම ඉවත් කිරීමේ ක්‍රමයට (Defrost Mode) මාරු කර තිබූ බවයි. එමගින් ශීතකරණවල උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ.
පසුගිය මාසයේදී ප්‍රංශයේ සුපිරි වෙළෙඳසල් සිය ගණනකට බලපෑම් එල්ල කළ සිදුවීමේදී ද භාවිත කර තිබුණේ මෙවැනිම ක්‍රමවේදයක් බවට විශ්වාස කෙරේ. එම සිදුවීම හේතුවෙන් ඔක්තෝබර් මාසයේදී යුරෝ මිලියන ගණනක් වටිනා ආහාර ද්‍රව්‍ය ඉවත් කර විනාශ කිරීමට සිදු වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. යුරෝපය පුරා බොහෝ සුපිරි වෙළෙඳසල්වල ශීතකරණ පද්ධති අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති අතර ඒවා නඩත්තු කිරීම සහ දෝෂ හඳුනාගෙන නිවැරදි කිරීම දුරස්ථව සිදුකළ හැකිය.
මෙම නවතම සයිබර් ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.

Read more

Local News