උතුරු මැද පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ආර් එම් රත්නායක මහතා පොසොන් සතිය තුළ අනුරාධපුර පුදබිම මතින් තොර කළාපයක් බවට පත් කිරීම සමිබන්ධයෙන් සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ,
පොසොන් සතිය ලෙස නම් කර තිබෙන මේ මස 24 සිට 30 දක්වා කාලය තුළ වැඩි මිළට හෝ සාමාන්‍ය මිළට මත්පැන් අලෙවි කරන මත්පැන් හල් වල බලපත්‍ර අනිවාර්යෙන්ම අහෝසි කරනවා.
ඒ වගේම මත්පැන් හල් වසා තැබිය යුතු දිවනල මත්පැන් අලෙවි කරන මත්පැන් හල් හිමියන්ට රුපියල් ලක්ෂ හයේ සිට පහලොව දක්වා විශාල දඩ මුදලක් අය කරනවා.
විශේෂයෙන්ම මත්පැන් හල් වසා තැබිය යුතු පසොලොස්වක පෝය දිනවල මත්පැන් අළෙවි කළොත් මත්පැන් හල් බලපත්‍රය අහෝසි කරනවා මෙන්ම දඩයද වැඩියෙන් නියම කරන බව ඒ මහතා පැවසිය.
පොසොන් සතිය නිමිත්තෙන් දැනටමත් සුරාබදු වැටලීම් වැඩි කරන තිබේ.