චීනය හා අග්නිදිග ආසියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ

Share

11 වැනි Lancang-Mekong සහයෝගීතා විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා චීනයට පැමිණි තායිලන්තය, ලාඕසය සහ මියන්මාරය යන රටවල ඉහළ පෙළේ නිලධාරීන් සමග චීන විදේශ අමාත්‍ය Wang Yi ඊයේ(3) සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීය. 
තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය Sihasak Phuangketkeow හමුවූ අවස්ථාවේදී චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තායිලන්තය සමග උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කිරීමටත්, දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ සැලසෙන සහයෝගීතාව වර්ධනය කිරීමටත්, පොදු ඉරණමක් සහිත චීන – තායි ප්‍රජාවක් ගොඩනැගීම අඛණ්ඩව ඉහළ මට්ටම කරා ගෙන යාමටත් චීනය සූදානම් බවය.
ලාඕසයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය Thongsavanh Phomvihane සමග පැවති සාකච්ඡාවේදී, දෙරටේ නායකයින් අතර ඇති කරගත් වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා ලාඕසය සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව Wang Yi පැවසීය.
මියන්මාරයේ ජාතික සැලසුම්, ආයෝජන සහ විදේශ ආර්ථික සබඳතා අමාත්‍ය Aung Kyaw Hoe හමුවූ අවස්ථාවේදී චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මියන්මාරයේ දේශපාලන සංහිඳියාව සාක්ෂාත් කරගැනීම සඳහා චීනය සහාය දක්වන බවයි.

Read more

Local News