චීනයේ සරත් ඍතු ධාන්‍ය අස්වැන්නේ වර්ධනයක්

Share

මෙම වසරේ චීනයේ සරත් ඍතු සමයේ ධාන්‍ය වගා කිරීම ස්ථාවර මට්ටමක පවතින අතර, ඒ ආශ්‍රිතව සාර්ථක අස්වැන්නක් ද පෙන්නුම් කර ඇත. මේ වන විට, එම වගා බිම්වලින් 90% ඉක්මවූ භූමි ප්‍රමාණයකින් සාර්ථක අස්වැන්නක් ලැබී ඇති බව ද චීනයේ කෘෂිකර්මාන්න හා ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඊයේ (04) පැවසීය.
ගෙවුණු වසර කිහිපය තුළ චීනය, සිය ධාන්‍ය නිෂ්පාදන ධාරිතාව කි.ග්‍රෑම්. බිලියන 50ක් දක්වා ඉහළ නංවාලීමට අදාළ පියවර ගෙන ඇත. පසුගිය වසර දෙකෙහි ද ධාන්‍ය නිෂ්පාදන ධාරිතාව ඉහළ ගොස් ඇති අතර, එලෙස ම මෙම වසරේදී ද ධාන්‍ය නිෂ්පාදන ධාරිතාව කි.ග්‍රෑම් බිලියන 700 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read more

Local News