චීනයේ Zhejiang පළාතේ Wuzhen හි පැවති 2026 ලෝක අන්තර්ජාල සමුළුව ඊයේ (05) අවසන් විය. මෙම සමුළුවේ තේමාව වූයේ “විවෘත මූලාශ්‍ර,විවෘතභාවය, සහයෝගීතාවය සහ බෙදාගැනීම, සයිබර් අවකාශයේ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට එක්ව වැඩ කිරීම” යන්නයි. රටවල් සහ කලාප 138කින් පැමිණි ආරාධිතයෝ 1,800ක් පමණ මෙම සමුළුවට සහභාගි වූහ. ප්‍රධාන සංසදයට අමතරව,මෙම වසරේ සමුළුවට උප සංසද 27ක් ද ඇතුළත් වූ අතර,එය ඉතිහාසයේ වැඩිම සංසද සංඛ්‍යාවයි. කෘත්‍රිම බුද්ධිය,ආරක්ෂාව සහ පාලනය වැනි මාතෘකා ආවරණය වන වාර්තා කිහිපයක් ද මෙම සමුළුව අතරතුර නිකුත් කෙරිණ.
Share
Read more



