චීනයේ Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සඳහා පාකිස්ථාන ගගනගාමියෙකු බර පැටවීමේ විශේෂඥයෙකු ලෙස සහභාගී වනු ඇත. චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය මේ බව ප්‍රකාශ කළේය.
කෙටි කාලීන කක්ෂීය පියාසර කිරීමක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව,අදාළ පාකිස්ථාන ගගනගාමියා Shenzhou-23 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයෙන් පෘථිවිය වෙත ආපසු පැමිණෙනු ඇත.
මෙය චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ වැඩසටහන් ඉතිහාසයේ චීන සහ විදේශීය ගගනගාමීන් අතර පළමු ඒකාබද්ධ අභ්‍යවකාශ ගමන සනිටුහන් කරයි. චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය එහි පළමු විදේශීය ගගනගාමියා පිළිගනු ඇති බවට වන මෙම පුවත පාකිස්ථානයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කළ අතර,ඒ පිළිබඳව ඉහළ ඇගයීමක් ද සිදු කර තිබේ.
Share
Read more



