2026 APEC ආර්ථික නායකයන්ගේ Shenzhen දැක්ම එළිදැක්වේ

Share

හවුල් සමෘද්ධිය උදෙසා ආසියා – පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම – 2026 APEC ආර්ථික නායකයන්ගේ Shenzhen දැක්ම එළිදක්වා ඇත.
APEC ආර්ථික නායකයෝ වසර 2026 නොවැම්බර් මස 18 සහ 19 යන දිනවල චීනයේ Shenzhen නගරයේදී සමුළුවක් පැවැත්වූහ. මෙම වසරේ ආරම්භයේ සිට “හවුල් සමෘද්ධිය උදෙසා ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම” යන තේමාව සහ චීනය නියම කළ ‘විවෘතභාවය, නවෝත්පාදනය, සහයෝගිතාව’යන 2026 වර්ෂයේ APEC සංවිධානයේ ප්‍රමුඛ ක්ෂේත්‍ර තුනට යොමු වෙමින්, එම නායකයෝ ‘වසර 2040 APEC Putrajaya දැක්මේ’ මඟපෙන්වීම යටතේ, විවෘත, ජීවගුණය සහිත, ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් සහ සාමකාමී ආසියා – පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීමේ පොදු ඉලක්කය කරා ළඟා වීමට අඛණ්ඩව කටයුතු කළ බව Shenzhen දැක්මේ සඳහන් වේ.
වෙළඳ සහ ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම සඳහා දරන ප්‍රයත්නයන් තම කලාපය සඳහා ඉතා වැදගත් බව මෙහිදී අවධාරණය කෙරිණ. එකිනෙකා අතර සන්නිවේදනය හා සම්බන්ධකම් පුළුල් කිරීම, ආර්ථික වර්ධනයට ප්‍රවේශය සපයන බව නැවත තහවුරු කර ඇත. එමගින් භාණ්ඩ, සේවා, ප්‍රාග්ධන හා මිනිස් හුවමාරු ප්‍රවර්ධනය කළ හැකි යැයි විශ්වාස කෙරේ.
තාක්‍ෂණය සහ නවෝත්පාදනය ආසියා-පැසිෆික් කලාපයේ ආර්ථිකයන් ගැඹුරු ලෙස නැවත ව්‍යුහගත කරමින් එමගින් කලාපීය ආර්ථික වර්ධනය වේගවත් කෙරෙන බව APEC ආර්ථික නායකයෝ තේරුම් ගත්හ.
සැමට ආර්ථික සවිබල ගැන්වීමේ අයිතිය යනු, නිෂ්පාදන ඵලදායිතාව හා නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමටත්, ආර්ථික ක්‍රියාවලියට සහභාගීත්වය පුළුල් කිරීමටත් ඇති අත්‍යවශ්‍ය ප්‍රවේශයක් බව මෙහිදී පොදුවේ පිළිගෙන ඇත.
මෙම වසරේ APEC ආර්ථික නායක සමුළුවේ සත්කාරකත්වය දැරූ චීන මහජන සමූහාණ්ඩුව වෙනුවෙන් ද, ඉතා මැනවින් සමුළුවේ කටයුතු සංවිධානය කළ Guangdong පළාතේ Shenzhen නගරය වෙනුවෙන් ද, උණුසුම් ආගන්තුක සත්කාරය දැක්වූ චීන පුරවැසියන් වෙනුවෙන් ද හෘදයාංගම කෘතඥතාව පළ කළ යුතුය. ඉදිරි වසරවලදී APEC සංවිධානයේ සත්කාරකත්වය දැරීමට නියමිත වියට්නාමය (2027), මෙක්සිකෝව (2028), සිංගප්පූරුව (2030), ජපානය (2031), චිලී රාජ්‍යය (2032), පැපුවා නිව්ගිනියාව (2033) සහ පේරු රාජ්‍යය (2034) සාදරයෙන් පිළිගන්නා බව ද Shenzhen දැක්මෙන් ප්‍රකාශ කර ඇත.

Read more

Local News