දෙමුහුන් වාහන සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් තාවකාලික ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන බවට නිවේදනය කිරීම සම්බන්ධයෙන්, චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ඊයේ (24) ප්‍රතිචාර දැක්වීය. ඒ වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.
ඔක්තෝබර් මස 30වැනිදා, යුරෝපා සංගමය විසින් ආනයනය කරන ලද දෙමුහුන් වාහන සම්බන්ධ ගෝලීය ආරක්ෂක පියවර සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කරන ලද අතර, මාසයකටත් අඩු කාලයකට පසුව, තාවකාලික ආරක්ෂක පියවර පැනවීමට තීරණය කර ඇත.
ඊට ප්‍රතිචාර වශයෙන්, එම ප්‍රකාශකයා සඳහන් කළේ ආරක්ෂණවාදය දරුණු අවසානයක් පමණක් වන බවත්, විවෘතභාවය සහ සහයෝගීතාවය නිවැරදි මාවත බවත් චීනය නැවත අවධාරණය කරන බවයි. වර්තමානයේදී, ගෝලීය මෝටර් රථ කර්මාන්තය හරිත පරිවර්තනය සමග තීරණාත්මක අදියරක පවතින අතර, විවෘත සහයෝගීතාව අනිවාර්ය ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. දෙපාර්ශ්වයේම කර්මාන්ත සඳහා ස්ථාවර, පුරෝකථනය කළ හැකි සහ තිරසාර වෙළඳ හා ආයෝජන පරිසරයක් සැපයීමටත්, ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාවල ස්ථාවර, සමබර සහ යහපත් වර්ධනයක් ඇති කිරීමටත්, චීනය සමග එකම ඉලක්කයකට ගමන් කිරීමට යුරෝපා සංගමය ද කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රකාශකයා සඳහන් කළේය.
Share
Read more



