Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය සාර්ථකව අභ්‍යවකාශගත කෙරේ

Share


Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය රැගත් Long March 2F Y24 වාහක රොකට්ටුව අද(25) බෙයිජිං වේලාවෙන් පෙරවරු 8.18ට චීනයේ Jiuquan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කෙරිණ.
විනාඩි 10කට පමණ පසු  යානය රොකට්ටුවෙන් වෙන් වී එහි නියමිත කක්ෂයටඇතුළු වූ අතර, ඒ සමග එම මෙහෙයුමේ සම්පූර්ණ සාර්ථකත්වය සනිටුහන්විය.
මෙම මෙහෙයුමේදී Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයේගගනගාමින් කණ්ඩායම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ඇතුළු වනු ඇත. මෙහෙයුම අතරතුර, අභ්‍යවකාශයේ ජීව ක්‍රියාවලි සහ මානව පර්යේෂණ, ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ භෞතික විද්‍යා පර්යේෂණ සහ නව අභ්‍යවකාශ තාක්ෂණයන් ඇතුළු ක්ෂේත්‍රවල විවිධ පර්යේෂණ සිදු කිරීමට නියමිතය. ජාත්‍යන්තර විද්‍යාත්මක පර්යේෂණ කිහිපයක් ද ඊට ඇතුළත් වේ.
චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුමකට විදේශීය ගගනගාමියෙකු එක් වූ පළමු අවස්ථාව මෙයයි. තවද, මෙය Long March රොකට්මාලාවේ 680වන අභ්‍යවකාශ ගමන මෙන්ම, Shenzhou අභ්‍යවකාශ යානා මාලාවේ 24වන මෙහෙයුම ද වේ.

Read more

Local News