හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුවුණු බෙලරුස් ජාතික කාන්තාවකගේ දිවි බේරා ගැනේ.

Share

හික්කඩුව, නාරිගම – තිරානගම වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන යමින් සිටි විදේශීය සංචාරක කාන්තාවකගේ දිවි බේරා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් ඊයේ (24) පෙරවරුවේ සමත්ව තිබේ.

ඊයේ පෙරවරු 10.10ට පමණ තිරානගම පොලිස් ජීවිතාරක්ෂක මුරපොළට මීටර් 150ක් පමණ දකුණු දෙසින් වූ මුහුදු තීරයේ දිය නාමින් සිටි 35 හැවිරිදි බෙලරුස් (Belarus) ජාතික Maruic Charan Kevich නමැති සංචාරක කාන්තාව මෙලෙස අනතුරට ලක්ව ඇත.

එම අවස්ථාවේ මුරපොළේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් 38508 දිසානායක, පොලිස් කොස්තාපල් 83255 මිහිඳු සහ පොලිස් කොස්තාපල් 98864 නිපුන් යන නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී, දැඩි පරිශ්‍රමයක් දරා ඇයව නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව ඇයට මූලික ප්‍රථමාධාර ලබා දීමට ද එම නිලධාරීන් පියවර ගෙන ඇති අතර, මේ වන විට එම විදේශීය සංචාරක කාන්තාව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පොලීසිය සඳහන් කරයි.

Read more

Local News