අයවැයට විරෝධය පළකරමින් අද (25) දිනයේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
එම කමිටුවේ සම සභාපති ධමිමක එස්. ප්‍රියන්ත ප්‍රකාශ කළේ වැඩවර්ජනයට සමගාමීව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වීමට නියමිත බවය.
“අද දවසෙත් විශ්වවිද්‍යාල තුළ එක්දින සංකේත වැඩ වර්ජනය සමඟ විරෝධතා ව්‍යාපාරයක් පවත්වනවා. මීට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ වර්තමාන රජය බලයට පත් වුණායින් පස්සේ ඔවුන්ගේ මංගල අයවැයේ සිටන් දිගින් දිගටම විශ්වවිද්‍යාල ප්‍රජාවට තිබුණු අයිතිවාසිකම් කප්පාදු කිරීම. සාකච්ඡාවලදී මේගොල්ලෝ පිළිගත්තු ඒ එකඟතාවයන්වලට ආපු ඒ නිවැරදි කිරීම් මේ දක්වා සිදු කරලා නැහැ. ඒ වගේම 2027 අයවැය තුළත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අර්බුද ඇති වෙන ආකාරයෙන් තමයි මේගොල්ලෝ කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම වර්තමාන බලයට ආ රජය විසින් විශ්වවිද්‍යාල පද්ධතියේ නිර්මාණය කරලා තියෙන ගැටලු මේ අයවැය තුළින් හෝ විසඳන්නේ කියන බලපෑම තමයි අපි මේ දිගින් දිගටම කරන්නේ. ඒ නිසා අපි ඉතාමත්ම ඕනෑකමින් වර්තමාන රජයෙන් ඉල්ලා සිටිනවා වහාම මැදිහත් වෙලා ඔබ රජය විසින් නිර්මාණය කරපු ලදූ ගැටලු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විසඳීමට කටයුතු කරන්න කියලා”
Share
Read more



