ඉදිරි පැය 24 තුළ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ ත්‍රිකුණාමලය සිට මඩකලපුව, හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ත් 45ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර, දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මුලතිව් සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවී මුහුද තාවකාලිකව ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.



