ඇමරිකාවේ නව තීරුබදු ප්‍රතිපත්තියට චීනයේ දැඩි විරෝධය

Share

ඇමරිකානු 301 වගන්තිය යටතේ චීනය ඇතුළු ආර්ථිකයන් 14ක් කෙරෙහි අතිරේක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් චීනය ඇමරිකාවට දැඩි විරෝධය පළ කර ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක He Yadong මහතා පැවසීය.
ඇමරිකාව සිදු කළ 301 වගන්තියට අදාළ විමර්ශනය ඒකපාර්ශ්වික ක්‍රියාවක් වන අතර එය ජාත්‍යන්තර ආර්ථික පටිපාටිය බරපතල ලෙස අඩපණ කරන අතර ලෝක වෙළඳ සංවිධානයේ නීති උල්ලංඝනය කරන බැවින් චීනය එයට තදින්ම විරුද්ධ වන බව He Yadong මහතා එහිදී කියා සිටියේය.
තම වැරදි ක්‍රියාව නිවැරදි කර සංවාද හා සාකච්ඡා හරහා අදාළ ගැටලු විසඳා ගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. චීනය තම නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථීරව ආරක්ෂා කරනු ඇතැයි ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News