වැල්ලවාය අධ්‍යාපන කළාපයේ මහවෙළමුල්ල මුස්ලිම් විදුහලේ සිසු සිසුවියන් සහ ගුරුවරුන් එක්ව මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතයට එරෙහිව විරෝධතා පාගමනක අද (5) නිරත විය.
ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමිව පාසල් සිසුන් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් බේරා ගැනීමටත් සමාජයේ පුද්ගලයන් නිසි මගට ගැනීමටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කල බව මහවෙළමුල්ල විදුහලේ විදුහල්පතිවරයා පැවසීය.
මහවෙළමුල්ල මුස්ලිම් විදුහල අසලින් ඇරඹි පාගමන වැල්ලවාය නගරය පුරා සංචාරය කරමින් වැල්ලවාය බස් නැවතුම්පොළ ඉදිපිටට පැමින දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත විය.
මෙම වැඩසටහන සදහා පාසලේ සියලුම සිසුන් සහ ගුරුවරුන් රැසක්ම සහභාගි වී සිටියේය.