Home දේශීය පුවත් ඉන්ධන මිල තීරණය කිරීම පිණිස මිල සූත්‍රයක්

ඉන්ධන මිල තීරණය කිරීම පිණිස මිල සූත්‍රයක්

0
ඉන්ධන මිල තීරණය කිරීම පිණිස මිල සූත්‍රයක්

2018 මැයි මස 09 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදී ඉන්ධන මිල තීරණය කිරීම පිණිස මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම තීරණය පරිදී සෑම මාස දෙකකට පසුව තුන් වන මස පස් වන දින මිල සංශෝධනය කිරීමට කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව වෙත පවරා ඇති බලය අනුව ජූලි මස 5 වන දින පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනය කළ බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම ක්‍රමවේදය යටතේ ජාත්‍යන්තර මිල අනුව ඉන්ධන මිල අඩු වැඩි විය හැකිය. තවද, ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වන විට ඛනිජ තෙල් මිල වැඩි වුවද මිල අඩුවන විට එහි වාසිය ද පාරිභෝගික ජනතාවට ලැබෙනු ඇත. ඒ අනුව ඉන්ධන  අලෙවියෙහි නිරත ආයතනවලට එම සංශෝධිත මිල ආශ්‍රිතව තම ඉන්ධන අලෙවි මිල වෙනස් කළ හැකිය.

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවි මිල සම්බන්ධයෙන් මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගන්නා බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here