ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදි කළ ලංකාවේ දිගම පාලම ජනතා අයිතියට

Share

පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ ග්‍රාමීය පාලම් තැනීමේ ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද මීටර් 110ක් දිග ලංකාවේ දිගම ග්‍රාමීය පාලම වන තංගල්ල, මැඩිල්ල, කපුහේන්වල පාලම ඊ‌යේ (08) ජනතා අයිතියට පත් ක‌ෙරිණි.

කෘෂිකර්ම මහින්ද අමරවීර මහතා අතින් ම‌ෙම පාලම විවෘත විය.

2017 වසරේ දරුණූ ගංවතුර ‌හේතුව‌ෙන් එත‌ෙක් තිබු මැඩිල්ල කපුහේන්වල පාලම විනාශ වී ගියේය. නමුත් වත්මන් රජය විසින් ගංවතුර තත්වය නිසා විනාශයට පත්වු පාලම් සහ බ‌ොක්කූ, ඇලවේලී ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිව‌ෙලක් ආරම්භ කළ‌ේය.

එහි ප්‍රතිඵලයක් ව‍‍‍‍ශය‌ෙන් රුපියල් මිලියන 120ක වියදමන් මැඩිල්ල, කපුහේන්වල පාලම වසරක් ගත වීමට ප්‍රථම සකස් කර ජනතා අයිතියට පත් කිරීමට හැකි විම වත්මන් යහපාලන රජය ජනතාවට කාර්යක්ෂම බව සනාථ කිරිමක් බව ම‌ෙම අවස්ථාවට එක්ව‌‌ෙ‌මින් මහින්ද අමරවීර මහතා පැවසීය.

Read more

Local News