රාගම පොලිස් ස්ථාන පරිශ්‍රයේ ඉදිකරන ලද “ළමා පියස” ළමා ආරක්ෂක ඒකක ගොඩනැගිල්ල පසුගිය දා රාජ්‍ය පරිපාලන, කළමණාකරන සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් විවෘත කරන ලදී.
මෙම “ළමා පියස” ගොඩනැගිල්ල කොළඹ මෙට්ට්‍රොපොලිටන් රොටරි සමාජය විසින් රුපියල් මිලියන 10 ක මුදලක් වැය කර ඉදි කර ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කරන ලදී.