පල්ලියකන්ද ජලාශයේ සිට කැලණිය, වත්තල ප්‍රදේශවලට ජලය බෙදා හරින ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ ජල කාන්දුවක් අළුත්වැඩියා කිරීම හේතුවෙන් 2018.08.17 වන (සිකුරාදා) දින පෙරවරු 09.00 සිට 2018.08.18 වන (සෙනසුරාදා) දින අළුයම 03.00 දක්වා පැය 18ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීම සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.
ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ,
කැලණිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය, පැලියගොඩ නගර සභා බල ප්‍රදේශය, වත්තල/මාබෝල නගර සභා බල ප්‍රදේශය, වත්තල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය, බියගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය (ගෝණවල පාර, මගුරුවිල පාර, විජයරාම පාර, බොල්ලෑගල) යන ප්‍රදේශයන්ටයි.




                                    