ශ්‍රී ලාංකිකයන්ට ඊ-හෙල්ත් කාඩ්පත තවත් මාස 09කින් නිකුත් කිරීමට සූදානම්

Share

මිලියන 20ක්වූ ශ්‍රී ලාංකිකයන්ට ඊ-හෙල්ත් කාඩ්පත තවත් මාස 09කින් නිකුත් කිරීමට සූදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

දියුණු තාක්ෂණය සෞඛ්‍ය සේවාවට රැගෙනවිත් තිබෙනවා. ඊ-හෙල්ත් ව්‍යාපෘතිය හොරණ රෝහලෙන් ආරම්භ කළා. විදේශීය සමාගමක් මට ආයෝජනයක් ගෙනත් දුන්නා සියලුම රෝහල් මාස 04 කින් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කිරීමට. තවත් මාස 09 කින් ලංකාවේ සියලුම ජනතාවට ඊ-හෙල්ත් කාඩිපත ලාබදීමට එම සමාගම සුදානම්.

2030 වසර වනවිට ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ලොව පුරා ව්‍යාප්ත වන බවත් ශ‍්‍රී ලංකාව ද ඊට සුදානම් විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සදහන් කළා.

අමාත්‍යවරයා ‌මේ බව පැවසුවේ ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ සංගමයේ 61 වැනි වාර්ෂික සැසිවාරයට එක්වෙමිනි.

Read more

Local News