ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය.
ජපාන රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා දිවයිනට පැමිණියේ, වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගි වී ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ද හමුවීමෙන් අනතුරුව ය.
අමාත්‍යවරයාගේ මේ සංචාරයේදී මුර සංචාරක යාත්‍රා දෙකක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීම ද සිදු වනු ඇත.
ජපාන ආධාරයක් ලෙස ඩොලර් මිලියන 11කට අධික වටිනාකමකින් යුත් යාත්‍රා දෙකක් ඒ අනුව අද කොළඹ වරායේදී ශ්‍රී ලංකා රජයට භාර දීමට සැලසුම් කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා දිවයිනේ රැඳී සිටින කාලය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිතව තිබේ.