බ්‍රිගේඩ්‍රියර්වරුන් 5 දෙනෙකු සහ ලුතිනන් කර්නල්වරුන් 25 දෙනෙකුට උසස් වීම් ලබා දීමට ජනාධිපතිතුමා පියවර ගෙන තිබේ.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේ, බ්‍රිගේඩියර්වරුන් 5 දෙනා මේජර් ජනරාල් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන්, කර්නල් නිලයටත් උසස් කර ඇති බව ය.
උසස් වීම් ලැබූ බ්‍රිගේඩියර්වරුන් අතර යුද්ධයේදී ආබාධිත වූ බ්‍රිගේඩියර්වරුන් 4 දෙනෙකු ද වේ.
ඒ, ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ ඩී.ජී.අයි.පී. ගමගේ, සිංහ රෙජිමේන්තුවේ රජීව වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජේ.ආර්. අම්පේමොහොට්ටි සහ ගැමුණු රෙජිමේන්තුවේ ඩබ්ලිව්.එච්.එම්. මණතුංග යන මහත්වරුන් ය.