Home දේශීය පුවත් සියතට සම්මාන පිට සම්මාන

සියතට සම්මාන පිට සම්මාන

0
සියතට සම්මාන පිට සම්මාන

විවිධ ක්ෂ‌‌ේත්‍රයන් තුළින් මාතෘභූමිය‌ේ, ප‌ොදු සමාජය‌ේ යහපත පිණිස කැපවීම් කළ විශිෂ්ටතමයන් අගයනු වස් වාර්ෂිකව ලංකා ජන සන්නිවේදකයින්ග‌ේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මාස්ක‌ෝ සම්මාන ප්‍රධාන‌ෝත්සවය ඊය‌ේ (04) ක‌ොළඹ රමාඩා හ‌ෝටලය‌ේ දී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.

ඒ කථානායක කරූ ජයසුරිය සහ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ග‌ේ ප්‍රධානත්නවය‌ෙනි.

නර්තනාංග සහ විවිධ සංස්කෘතික ආයතන තුළින් ම‌ෙම උත්සවය වර්ණවත් විය.

ඉන් අනතුරුව රටටත්, සමාජයටත් අති විශිෂ්ට ම‌ෙහ‌ෙවරක් කළ විශිෂ්ටයින් ඇගයිමේ සම්මාන ප්‍රධාන‌ෝත්සවය ආරම්භ විය.

ම‌ෙහිදී ජනමාධ්‍ය අංශය විශිෂ්ටයින් ඇගයීමේ සම්මාන කාණ්ඩයේ දී ව‌ොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ප්‍රවෘත්ති අංශය‌ේ ජ‌්‍යෙෂ්ට ප්‍රවෘත්ති කළමණාකරු උදයශාන් ඉඩමේ ග‌ෙදර සම්මානයට පාත්‍ර විය.

ඒ සියත රූපවාහිනිය ඔස්සේ මාධ්‍ය ක්ෂ‌‍ේත්‍රයට දශක ද‌ෙකකට ආසන්න කාලයක් පුරා කළ ම‌ෙහ‌ෙවර උද‌ෙසායි.

පසුගිය ක‌ෙටි කාලය තුළ සියතට සම්මාන පිට සම්මාන ග‌ෙන දිමට අප සමඟ රැඳි සිටින අපග‌ේ හදවත බඳු වු ආදරණිය ප්‍ර‌ේක්ෂක, ශ්‍රාවක ඔබ සැමට ව‌ොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ග‌ෞරවනීය ප්‍රණාමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here