ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (09) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවති ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය අමතමින් ප්රකාශ කළේ කිසිදු රාජ්ය චක්රලේඛයක් මහජන සේවාවන් ප්රමාද කිරීමට හෝ අකාර්යක්ෂම කිරීමට හේතු නොවිය යුතු බවත්, යම් වෘත්තීය සේවාවක විධිමත්භාවයට සහ කාර්යක්ෂමතාවට යම් චක්රලේඛයක් හරස්වී ඇත්නම් එය කඩිනමින් සාකච්ඡා කර විසඳාගතයුතු බවයි.
තැපැල් සේවාවේ පවතින සියලු ගැටලු සාකච්ඡා කර නිරාකරණය කිරිමට ඉදිරියේ දී කටයුතු කරන බවත් ඕනෑම වෘත්තීය ගැටලුවකට සාකච්ඡා මගින් විසඳුම් ලබා ගැනීමේ හැකියාව පවතින බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.