දඹුල්ලේ ලොකු ලූණු ගොවීන්ට වන්දි

Share

වැස්සෙන් හානි වූ දඹුල්ලේ ලොකු ලූණු ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රු. 100,000 බැගින් කෘෂි රක්ෂණ වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් විසින් වගා කර තිබෙන ලොකු ලූණු වගාවට මේ දිනවල පවතින අධික වැස්ස නිසා බෙහෙවින් අස්වනු හානි සිදුවී ඇති බවට වාර්තා වී තිබේ. යල කන්නයේ දී ඇතැම් ගොවීන් විසින් වගා කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් වර්ෂා කාලයට වගාවන් වැස්සට හසුවීම සිදුවේ.

ඒ අනුව වී, අමු මිරිස්, ලොකු ලූණු, අර්තාපල්, බඩඉරිගු, හා සෝයාබෝංචි වගා කරන ගොවීන්හට නියඟය, වැස්ස, හා වනඅලින්ගෙන් වගා හානියක් සිදුවුවහොත් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් වගා හානි වන්දි මුදල් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

මේ සඳහා රජය වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 5228කි.

Read more

Local News