අද (13) පස්වරු 9.00 සිට 16දා උදෑසන 5.00දක්වා වාසල පාර හන්දියේ සිට පරමානන්ද පන්සල අසල දක්වා අලුතින් ජලනල හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව එම මාර්ගයේ පදිංචිකරුවන්ට පමණක් මාර්ගය භාවිතා කළ හැකි අතර අනෙකුත් වාහන සඳහා කොටහේන සෙන් බෙනඩික් මාවත ඔස්සේ බ්ලුමැන්ඩල් මාවතට පිවිසිය හැකිය.