ඉහළ ගිය එළවළු මිල ලබන මස තෙක්

Share

එළවළු මිල ගණන් ඉහළයාම දෙසැම්බර් මස අවසන් වනතෙක් පවතිනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

දඹුල්ල අැතුළු අාර්ථික මධ්‍යස්ථානවලට දිනපතා ලැබෙන එළවළු තොග අඩුවීම හේතුවෙන් එ්වායේ මිල ඉහළ ගොස් අැති අතර දැනට සති 4ක පමණ කාලයක් තිස්සේ පවතින අධීක වර්ෂාව හේතුවෙන් එළවළු වගා බිම්වලට දැඩි ලෙස හානි සිදුවී අැත.

මේවන විටත් එළවළු වගාකරන බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබෙන බැවින් එළවළු කුණු වීමට බලපා තිබේ. එම නිසා දැනට වෙළෙඳපොලේ එළවළු මිල ඉහළ යාමේ තත්වය දෙසැම්බර් අවසන් වනතෙක් පවතිනු අැතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News