හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලීසිය වෙත කල් ලබා දී තිබේ.
ඒ මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.
එම සිද්ධියට අදාළ පැමිණිල්ල අද(29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීණි.
මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි සැකකෙරෙන එහිදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ වල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දීර්ඝ දිනයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව පැමිණිල්ල නැවත පෙබරවාරි මස 28 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද රහස් පොලීසියට නියම කර තිබේ.