අද (05) පෙරවරු 10.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුව සභාවාරයට ප්රථම අද උදෑසන 09.30 ට කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්රධානත්වයෙන් පක්ෂ නායක රැස්විමක් කැදවා ඇති බව වාර්තා වේ.
එමෙන්ම අද දිනයේදී ද මහජන ගැලරිය වසා දැමිමට තීරණය කර තිබේ.
මේ අතර අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී නොවීමට තීරණය කල බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.



