ලතින් ඇමරිකානු සංචාරයක නිරත වන 14වන ලියෝ පාප් වහන්සේ, පේරු ගුවන් හමුදාවේ නියමුවන් සමඟ හෙලිකොප්ටරයක නියමු කුටියේ ගමන් කර තිබේ.
එම අවස්ථාවේ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත එක් කරමින් පේරු ගුවන් හමුදාව සඳහන් කළේ, පාප්තුමා සිය නියමුවන් සමඟ එක්වීම තමන්ට “ගෞරවයක් මෙන්ම කිසිදා අමතක නොවන මතකයක්” බවයි.
පසුව පාප්තුමා දකුණු Andes කඳුකරයේ පිහිටි Cusco නගරයට පැමිණියේය. එම නගරය අතීතයේ Inca අධිරාජ්‍යයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස පැවතිණි.
එහිදී පාප්තුමා පුරාණ Inca බලකොටුවක් නැරඹීමට ද එක්විය. එම අවස්ථාවේදී අදහස් දක්වමින් උන් වහන්සේ කියා සිටියේ, වර්තමානයේ බෙදීම් සහ අවිශ්වාසයෙන් පිරුණු යුගයකට මුහුණ දීම සඳහා ආගමික සම්ප්‍රදායන්ට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවයි.
Share
Read more



