Home දේශීය පුවත් විජයකලාගේ නඩුව එන අවුරුද්දට කල්යයි

විජයකලාගේ නඩුව එන අවුරුද්දට කල්යයි

0
විජයකලාගේ නඩුව එන අවුරුද්දට කල්යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව නීතිපතිවරයාගේ උපදෙස් නොලැබීම හේතුවෙන් කල්දමා තිබේ.

පසුගිය ජුලි මස 02 වනදා යාපනය විරසිංහම් ශාලාවේ පැවැති උත්සවයකදී එල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් ගොඩනැගිය යුතු බවට ප්‍රකාශ කිරීමෙන් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට උත්සහ දැරූ බවට චෝදනා කරමින් විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට එරෙහිව එම නඩුව ගොණුකර තිබේ.

එ් අනුව මෙම නඩුව අද(07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවේය. අනතුරුව නඩුව ලබන වසරේ පෙබරවාරි මස 22 වනදා දක්වා කල්තැබිමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here