වැඩ නැති අගමැති ගැන මහින්ද කියපු කතාව

Share

අධිකරණය මගින් ලබාදුන් තීන්දුවත් සමඟ දැන් තමන් වැඩ නැති අගමැති බවට පත් වී සිටින බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (09) මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණ දළඳා සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් පසු හෙතෙම මේ අදහස් දැක්වීය.

රටේ ඇති වී තිබෙන තත්ත්වය පහසුවෙන් විසඳිය හැකි බවත් මෙය ගැටළුවක් බවට පත්ව ඇත්තේ ඊට අධිකරණය මැදිහත් වීම තුළින් බවත් ඔහු මෙහිදී පැවැසීය.

වසර තුනක් තිස්සේ නොයෙක් බදු වලින් ජනතාව පීඩා විඳිමින් සිටි අතර තමන් අගමැති වීමෙන් පසුව සහන ලබා දීමට ආරම්භ කළ වැඩ පිළිවෙල මේ වන විට ඇණ හිට ඇති බවත් පසු ගිය ආණ්ඩුව ජනතාවට සහන දිය හැකිව තිබියදී ඒවා වලක්වාගෙන හිටි බව මේ වන විට ජනතාව තේරුම් ගෙන සිටින බවද හෙතෙම මෙහිදී වැඩි දුරටත් පැවැසීය.

Read more

Local News