දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48ක කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තමිල්-නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි දැනට අනුමාන කෙරේ.
ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා වන තරමක් තද සුළං සහ තරමක ශීත කාලගුණ තත්වයක් ඇති විය හැක.



