නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 24 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටිනු ලැබේ.
නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුර සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරයි.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තරමක්තද සුළං සහ තරමක ශීත කාලගුණ තත්වයක් ඇති විය හැක.



