පූගොඩ, පුංචිමණ්ඩාවල ප්රදේශයේදී පසුගිය 11 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කිරිඳිවැල පොලීසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය හා තවත් ගිනි අවියක් සහ යතුරුපැදි දෙකක් ද පොලීසිය භාරයට ගෙන අැත.
සැකකරුවන් පූගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



