Home දේශීය පුවත් වතුකම්කරු සත්‍යග්‍රහයට ආශිර්වාද පූජා

වතුකම්කරු සත්‍යග්‍රහයට ආශිර්වාද පූජා

0
වතුකම්කරු සත්‍යග්‍රහයට ආශිර්වාද පූජා

වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතුකරයේ තරුණයන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වතුකරයේ ජනතාවගේ සහයෝගය ලබා දි තිබේ.

හැටන් වටවල පොලිස් වසමට අයත් මවුන් ජින් වතු යායේ වතු කම්කරුවන් ඉකුත් 4 වෙනිදා සිට තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩව තව දුරටත් සිදු කරමින් කොළඹ කොටුවේ ඊයේ සිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයක නියැලී සිටින තරුණයන් පිරිසට, ආශිර්වාද කරමින් එම වතු යායේ පිහිටි හින්දු කොවිලේදි ආශිර්වාද පුජාවක්ද පවත්වනු ලැබිය.

එම ආශිර්වාද පුජාවට සහභාගී වු වතු කම්කරුවන් කියා සිටියේ තම මුලික වැටුප රු 1000 දක්වා වැඩි කර දීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් විය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here