අද (21) දින නව කැබිනට් අමාත්‍යංශ සඳහා ජනාධිපතිවරයා විසින් ලේකම්වරුන් පත් කිරීමට නියමිතව තිබේ.
එමෙන්ම අදාළ අමාත්‍යංශ විෂය පථය සහ ආයතන ඇතුළත් ගැසට් නිවේදනය ලබන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද සිය ධුර වල රාජකාරි කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
මේ අතර කැබිනට් අමාත්‍යධුර හිමි නොවූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වෙනුවෙන් සටන් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.