Home දේශීය පුවත් නිෂ්පාදකයන් සහ මහා පරිමාණ ගැණුම්කරුවන් අතර සබඳතාවය ගොඩ නැංවීමේ විශේෂ හමුවක් ලබන 31දා

නිෂ්පාදකයන් සහ මහා පරිමාණ ගැණුම්කරුවන් අතර සබඳතාවය ගොඩ නැංවීමේ විශේෂ හමුවක් ලබන 31දා

0
නිෂ්පාදකයන් සහ මහා පරිමාණ ගැණුම්කරුවන් අතර සබඳතාවය ගොඩ නැංවීමේ විශේෂ හමුවක් ලබන 31දා
ප්‍රාදේශීය මට්ටමේ සිටින සුළු හා කුඩා පරිමාණ නිෂ්පාදකයන් සහ ජාතික මට්මේ සිටින මහා පරිමාණ ගැණුම්කරුවන් අතර සබඳතාවය ගොඩ නැංවීමේ අරමුණින් සංවිධානය කරන විශේෂ හමුවක් ලබන 31දා මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩසටහන එදින පෙරවරු 9.00 සිට මහනුවර රෝයල් කැන්ඩියන් උත්සව ශාලවේදී පැවැත්වේ.
“රටවටා නිමැවුම් ලොව වටා අලෙවියට” යන තේමාව යටතේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රාදේශීය මට්ටමේ සිටින සුළු හා කුඩා පරිමාණ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළදපොළක් හඳුන්වා දීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here