Home දේශීය පුවත් ගංගාරාම විහාරස්ථානයේ ආශිර්වාද පූජාවට ජනපති එක්වෙයි

ගංගාරාම විහාරස්ථානයේ ආශිර්වාද පූජාවට ජනපති එක්වෙයි

0
ගංගාරාම විහාරස්ථානයේ ආශිර්වාද පූජාවට ජනපති එක්වෙයි

කොළඹ නව කෝරලයේ ප‍්‍රධාන සංඝනායක සහ කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤණිස්සර නායක හිමිපාණන් වහන්සේට සෙත් පතමින් ඊයේ(01) පස්වරුවේ ගංගාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද පූජාව සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද එක් විය.

සෑම දෙසැම්බර් 31 වැනිදාවකම මධ්‍යම රාති‍්‍රයේ සිට ජනවාරි 01 වැනිදා දක්වා ගංගාරාම විහාරස්ථානයේ සාම්ප‍්‍රදායානුකූලව පැවැත්වෙන ආගමික වැඩසටහනට සමගාමීව රෝගාතුරුව වැඩවෙසෙන උන්වහන්සේට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමින් මෙම ආශිර්වාද පූජාව සංවිධානය කර තිබුණි.

ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත වූ අතර අනතුරුව ආශිර්වාද පූජාවට සහභාගී විය.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළහ.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් පිංකමට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here