චීන ජනාධිපති ෂී ජින්පිං අද (18) උදෑසන චීනයේ Shenzhenහිදී රුසියානු ජනාධිපති Vladimir Putin හමුවිය. APEC ආර්ථික නායක සමුළුවට සහභාගි වීම සඳහා Putin චීනයට පැමිණ සිටී.
රුසියානු ජනාධිපති Vladimir Putin අද (18) දකුණු චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයෙන් චීනයට පැමිණි අතර, Shenzhen ගුවන් තොටුපළේදී Putin පිළිගනු ලැබුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභා ලේකම් කාර්යාලයේ සාමාජිකයෙකු වන Cai Qi මහතා විසිනි.
Share
Read more



