ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවාරයේදී අර්තාපල් වගා කරනු ලබන ගොවීන්ට බීජ අර්තාපල් සඳහා සියයට 50ක සහනාධාරයක් ලබාදීමට අදාළ අංශවලට උපදෙස් දෙයි.
පසුගියදා ආරම්භ කළ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි ප්‍රතිපත්තිමය තීරණ සහ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම පිළිබඳව ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.
මෙරට අර්තාපල් වගා කරන කාලය තුළදී පිටරටින් අර්තාපල් ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කර විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දෙනු ලැබීය.