Home දේශීය පුවත් අැතැම් පුද්ගලයින් පුද්ගලික අරමුණු වෙනුවෙන් අාගම හා ජාතිය විකුණනවා – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

අැතැම් පුද්ගලයින් පුද්ගලික අරමුණු වෙනුවෙන් අාගම හා ජාතිය විකුණනවා – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

0
අැතැම් පුද්ගලයින් පුද්ගලික අරමුණු වෙනුවෙන් අාගම හා ජාතිය විකුණනවා – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

කොළඹදී ඊයේ (06) පැවැති උත්සවයකදී පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ ශ්‍රී ලංකා සමාජ ක්‍රමය බහු අාගමික බහු සංස්කෘතික සමාජ රටාවක් බවත්, අැතැම් පුද්ගලයින් පුද්ගලික අරමුණු වෙනුවෙන් අාගම හා ජාතිය විකුණන බවයි.

සමහර අවස්ථාවාදීන් පුද්ගලික අරමුණු වෙනුවෙන් අාගම, ජාතිය විකුණන්න හදනවා. හැම කෙනෙකුටම පුද්ගලික නිදහසක් තියෙනවා ඔනම අාගමක් අදහන්න. අපි කිසි කෙනෙකුට අනෙකාගේ අාගම, අැදහිල්ල වෙනුවෙන් තර්ක කරන්න ඒවාට විරුද්ධව ක්‍රියා කරන්න බැහැ.

අවුරුදු 30ක් බෙදි වෙන් වී සිටි අපි නැවත එක කොඩියක් යටට එකතු වී තිබෙනවා. රජය උතුර, නැගෙනහිර සහ දකුණේ සිටින සියලුම සහෝදර ජනතාවට කිසිදු වෙනසකින් තොරව එකම අාකාරයට සලකනු ලබනවා. කෙසේවෙතත් අැතැම් දේශපාලනඥයින් පටු වාසි තකා අාගම්වාදය සහ ජාතිවාදය අවුස්සමින් ජනතාව බේද කිරිමට උත්සහ දරනවා. යැයි ද අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here